WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාකිස්තානයේ සංචාරය කරන අයට අවදානම් නිවේදනයක්

2023 May 10- Page Views : 1187

හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ උද්ගතව ඇති කලහකාරී තත්ත්වය සැළකිල්ලට ගනිමින් අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් පාකිස්තානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අවදානම් නිවේදන නිකුත් කර තිබේ.

අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ කැනඩාව මෙලෙස පාකිස්තානය සඳහා නව සංචාරක උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අත්‍යවශ්‍ය නොවන කාරණයක් සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ පිළිබඳ යළි සලකා බලන ලෙස අදාළ නිවේදන මඟින් දැනුම් දී තිබේ.

ඉම්රාන් ඛාන්ගේ අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ ප්‍රදේශ රැසක විරෝධතා ආරම්භ වු අතර ආරක්ෂක අංශ සහ විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයන් ද හටගෙන ඇත.

විරෝධතාකරුවන් එක්රැස්වීම පාලනය කිරීමේ අරමුණින් මේ වන විට අන්තර්ජාල පිවිසුම් අවහිර කිරිමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.