ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර
2023 May 11- Page Views : 1187
ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සංවිධානයේ ප්‍රධාන පෙළේ අණදෙන නිලධාරියෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ගොඩනැගිල්ලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අදාළ අණදෙන නිලධාරියා ඇතුළු තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවය.
ඊයේ (10) දිනයේ ගාසා තීරයේ සටන්කාමීන් විසින් ඊශ්‍රායලට රොකට් ප්‍රහාර 460කට අධික ප්‍රමාණයක් එල්ල කර ඇති බව සඳහන්ය.
ඊශ්‍රායල හමුදා ද ගාසා තීරයේ ඉලක්ක 130කට පමණ ප්‍රහාර එල්ල කර ඇති අතර එය මාස 09කට පසු ගාසා තීරයේ ඇති වූ දරුණුතම ගැටුම් ලෙස සැලකේ.