WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වෙඩිතබා විරෝධතාකරුවෙක්ව ඝාතනය කළ හමුදා සැරයන් ට සිරදඬුවම්

2023 May 11- Page Views : 1187

2020 වසරේ දී අමෙරිකාවේ ඔස්ටින් නගරයේ පැවති විරෝධතාවයකට වෙඩිතබා එක් පුද්ගලයෙකු ඝාතනය කළ බවට චෝදනා එල්ල වූ හමුදා සැරයන්වරයෙකුට සිරදඬුවම් ලබාදීමට අමෙරිකානු අධිකරණයක් නියම කර තිබේ.

"Black Lives Matter" ලෙස නම් කර තිබූ එම විරෝධතාවයට එක්වී සිටි 28 හැවිරිදි ගැරට් ෆොස්ටර් නම් තරුණයෙකුව වෙඩිතබා මරාදැමූ බවට වරදකරු වූ එම හමුදා නිලධාරියාට වසර 25ක සිරදඬුවමක් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කර තිබුණි.

ඩැනියල් පෙරී නම් මෙම හමුදා නිලධාරියාගේ නීතිඥවරුන් පැවසුවේ, ඔහු සිය ආරක්ෂාව සඳහා එම වෙඩිතැබීම සිදුකර ඇති බවය.

නමුත් ජූලි සභිකයින් එම කරුණ ප්‍රතික්ෂේප කර තිබේ.