ජපානයේ භූ කම්පනයක්
2023 May 11- Page Views : 1187
ජපානයේ ටෝකියෝ නුවර ආසන්නයේ භූ කම්පනයක් හටගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද උදෑසන ඇති වූ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 5.4ක ප්‍රබලත්වයක් සටහන් කර තිබූ බවය.
භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් සිව් දෙනෙකු ද සුළු තුවාල ලබා ඇති බව ද වාර්තා වෙයි.
කෙසේවෙතත් එරට කාලගුණ අංශ දැනුම් දී ඇත්තේ භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බවය.