ඉම්රාන් ව ඝාතනය කිරීමට එන්නතක් ?
2023 May 12- Page Views : 1187
අත්අඩංගුවේ සිටියදී තමාව මරා දැමීමේ අරමුණින් එන්නතක් ලබාදුන් බව පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.
දූෂණ චෝදනා යටතේ ඔහුව පසුගිය අඟහරුවාදා (09) පාකිස්තාන ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත්තේය.
වර්තමාන අග්‍රාමාත්‍ය ශේබාස් ෂරීෆ් තමාව සිර ගෙදරදීම ඝාතනය කිරීමට උත්සාහ දරන බවට ඉම්රාන් චෝදනා කළේය.
එසේම ඔහු පැවසුවේ තමා අත්අඩංගුවට ගත් පසුව වැසිකිළි පහසුකම් නොමැතිව පැය 24ක් රඳවාගෙන සිටි බවය.
ඊයේ (11) පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අනතුරුව ඉම්රාන් ව නිදහස් කෙරිණි.
ඔහු අද නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.