ගාසා තීරයට සටන් විරාමයක්
2023 May 14- Page Views : 1187
ගාසා තීරයට සටන් විරාම කාලසීමාවක් ප්‍රකාශයට පත්කර තිබේ.
දින 05ක් පුරා අඛණ්ඩව පැවති ගැටුම් අවසන් කරමින් ඊයේ (13) රාත්‍රී 10 සිට මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් සටන් විරාමය ආරම්භ වන අවස්ථාවේදීත් දෙපාර්ශවයම ප්‍රහාර එල්ල කරගෙන ඇති බව සඳහන්ය.
ගාසා තීරයේ ගැටුම් පවතින අවස්ථාවේදී දෙපාර්ශවය ගුවන් ප්‍රහාර සහ බර අවි යොදා ගනිමින් ප්‍රහාර එල්ල කර ඇති බව ද විදෙස් වාර්තා සඳහන් කළේය.
කෙසේවෙතත් ඊශ්‍රායලයේ මැදිහත් වීම මත එම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වේ.