තුර්කි මැතිවරණයෙන් හිටපු ජනපති පෙරමුණේ
2023 May 15- Page Views : 1187
තුර්කි ජනාධිපතිවරණයේ මේ දක්වා නිකුත් කර ඇති ප්‍රතිඵලවලට අනුව හිටපු ජනාධිපති රිසෙප් තායිප් අර්දවාන් පෙරමුණේ පසුවෙයි.
ඔහු සියයට 49.49ක ඡන්ද ප්‍රතිශතයක් මේ වන විට හිමිකරගෙන ඇති බව එරට මැතිවරණ කවුන්සිලය ප්‍රකාශ කළේය.
ඔහුගේ ප්‍රතිවාදි අපේක්ෂක කේමාල් කිලික් දරොක්ග්ලු සියයට 44.79ක ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගෙන තිබේ.
මේ වන විට සියයට 92කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගණන් කර අවසන් කර ඇති බව වාර්තා වේ.
යම් අපේක්ෂකයෙකු සියයට 50ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට අසමත් වුවහොත් දෙවන වටයේ ඡන්දයකට යාමට සිදුවේ.