ජපානයේ භූකම්පනයක්
2023 May 15- Page Views : 1187
ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන තිබේ.
රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන තිබේ.
පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.