WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තායිලන්ත මහා මැතිවරණයේ ජය විපක්ෂයට

2023 May 15- Page Views : 1187

දැනට නිකුත් වී ඇති මැතිවරණ ප්‍රතිඵලවලට අනුව තායිලන්ත මහා මැතිවරණයේ ජය විපක්ෂයට හිමිව තිබේ.

හමුදා සහාය ලබන වත්මන් පාලක පක්ෂය මැතිවරණයේදී දැඩි පසුබෑමකට ලක්ව සිටීම විශේෂත්වයකි.

සමස්ත ඡන්දවලින් 99%ක් පමණ ගණන් කර අවසන් අතර, එහිදී පෙරමුණ ගෙන සිටින්නේ තරුණ නායක පිටා ලිම්ජොරොන්රාට්ගේ නායකත්වයෙන් යුතු මූව් ෆෝවඩ් පක්ෂය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙවර මැතිවරණයේ පෙරමුණ ගනු ඇතැයි අපේක්ෂා කළ හිටපු තායිලන්ත අගමැති තක්ෂීන් ෂිනවත්ගේ දියණිය වන පේටන්ට්‍රන් ෂිනවාත්ගේ පියු තාන් පක්ෂය පසුවන්නේ දෙවැනි ස්ථානයේ පසුවෙයි.

සමස්ත ප්‍රතිඵල අනුව මූව් ෆෝවඩ් පක්ෂයට ආසන 147ක් සහ ෂිනවත්ගේ පියු තායි පක්ෂයට ආසන 138ක් හිමිවනු ඇති බවට මැතිවරණ විචාරකයින් පුරෝකතනය කරයි.

පාලක පක්ෂයට ආසන 70ක් හිමි වෙතැයි අපේක්ෂිතය.