නවසීලන්තයේ ගින්නක් - 6ක් මරුට
2023 May 16- Page Views : 1187
නවසීලන්තයේ නේවාසිකාගාරයක සිදුවූ ගිනි ගැනීමකින් පුද්ගලයින් 06දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ නවසීලන්තයේ වෙලින්ටන්හිදී මහල් 04කින් යුත් නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බවය.
ගොඩනැගිල්ලේ සිරවී සිටි පිරිසක් මුදාගෙන ඇති අතර එහි තවත් පිරිසක් සිරවී සිටිනු ඇති බවට සැක පළකරන බව එරට පොලීසිය පවසයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්න නිවීම සඳහා ගිනිනිවන රථ 20ක් පමණ යොදාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.