WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවේ තවත් සමූහ වෙඩිතැබීමක්

2023 May 16- Page Views : 1187

අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සිදුවූ තවත් වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙඩිතැබීම සිදුකර තිබුණේ 18 හැවිරිදි තරුණයෙකි.

ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් වෙඩික්කරු මියගොස් තිබුණි.

වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා හෝ මියගොස් ඇත් නම් එය සැලකෙන්නේ සමූහ වෙඩිතැබීමක් ලෙසය.

වසරේ ගෙවුණු කාලය තුළ පමණක් අමෙරිකාව තුළ සිදුව ඇති සමූහ වෙඩිතැබීම් ගණන 225කි.