පාකිස්තාන හිටපු තොරතුරු ඇමතිව යළි අත්අඩංගුවට
2023 May 17- Page Views : 1187
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ප්‍රබල හිතවාදියෙකු වන හිටපු තොරතුරු අමාත්‍ය ෆාවඩ් චෞද්‍රි යළි අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය සතියේදීත් ඔහුව අත්අඩංගුවට ගැනුණු අතර ඒ සම්බන්ධයෙන් ඉස්ලාමාබාද් අධිකරණයෙන් ඇප ලබා ආපසු පැමිණෙමින් සිටියදී ඔහු යළි අත්අඩංගුවට පත්වීම විශේෂත්වයකි. පොලීසිය පැමිණීමත් සමග ඔහු පළායෑමට උත්සාහ කළ නමුත්, ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණි. එම වීඩියෝව පහතින් දැක්වෙයි.