හැරී සහ මේගන් පිටුපස පැපරාසින් ලුහුබඳී
2023 May 18- Page Views : 1187
අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී හැරි කුමරු සහ ඔහුගේ බිරිඳ මේගන් පිටුපස මෝටර් රථයකින් පැපරාසීන් කණ්ඩායමක් ලුහුබැඳ ඇති බව වාර්තා වේ.
හැරී කුමරුගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ, නිව්යෝර්කිහි පැවති සම්මාන උළෙලකට සහභාගී වීමෙන් අනතුරුව එම ලුහුබැඳීම සිදුව ඇති බවය.
අදාළ පැපරාසීන් පදිකවේදිකාවේ රිය පදවමින් රතු විදුලි පහන් දල්වමින් ඡායාරූප ගනිමින් ඉතා කරදරකාරී ලෙස කටයුතු කර ඇති බවට හැරී කුමරුගේ ප්‍රකාශකයා සඳහන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් හැරී සහ මේගන් යුවළ ආරක්ෂක අංශ වෙත පැමිණිලි කර ඇති අතර ඊට සම්බන්ධ කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බව සඳහන්ය.