අමෙරිකානු ප්‍රහාරක යානා යුක්‍රේනය වෙනුවෙන් යුද පිටියට
2023 May 20- Page Views : 1187
අමෙරිකාව විසින් නිෂ්පාදනය කරන ලද එෆ් 16 වර්ගයේ උසස් ප්‍රහාරක ජෙට් යානා යුක්‍රේනයට ලබාදීමට තීරණය කර තිබේ.
අදාළ යානා පියාසර කරවීම සඳහා අවශ්‍ය පුහුණුව යුක්‍රේන ගුවන් නියමුවන්ට ලබාදීමට ද අමෙරිකාව තීරණය කර ඇති බව වාර්තා වෙයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ජපානයේ පැවැත්වෙන ජී 07 නායක සමුළුවේදී ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර ඇති බව ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත.
අදාළ තීරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් යුක්ක්‍රේ ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ මෙමගින් යුක්‍රේනයේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමට හැකි වනු ඇති බවය.