ගයානාවේ පාසලක ගින්නකින් ළමුන් 19 දෙනෙකු මරුට
2023 May 23- Page Views : 1187
ගයානාවේ පාසලක ඇතිවූ ගින්නකින් ළමුන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගයානාවේ මහීඩා ද්වීතික පාසලේ නේවාසිකාගාරයක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.
මියගිය පිරිස අතර ගැහැණු ළමුන් 18 දෙනෙකු සිටී.
ඊයේ (22) මධ්‍යම රාත්‍රී එම ගින්න හටගෙන තිබූ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීමත් සමග ගයානාවේ ජනාධිපතිවරයා විසින් එරටට දින 03ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.