ජෝ බයිඩන් ඇද වැටෙයි
2023 June 02- Page Views : 1187
අමෙරිකාවේ කොලරාඩොහි පැවති ගුවන් හමුදා උපාධි ප්‍රදානෝත්සවයක් අතර තුර අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටී තිබේ.
එම උත්සව අවස්ථාවේ උපාධිය ලැබු ශිෂ්‍යභට නිලධාරීන් 921 දෙනෙකුට හට අතට අත දී යළි වේදිකාවෙන් පිටව යන අවස්ථාවේ දී ජනාධිපතිවරයා වේදිකාව මත ඇද වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
කෙසේවෙතත් බිම ඇද වැටීමෙන් ජනාධිපතිවරයාට කිසිදු තුවාලයක් සිදුව නොමැති බව සඳහන්ය.
ජෝ බයිඩන් අමෙරිකාවේ වයස්ගතම ජනාධිපතිවරයා වන අතර ඔහු මේ වන විට 80 හැවිරිදි වියේ පසු වේ.
මීට පෙර අවස්ථාවකදී ද අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් බිම ඇද වැටීමේ සිද්ධීන් වාර්තා වුණි.