මංගල රෑ අවසන් ගමන් ගිය ආදරවන්තයෝ
2023 June 05- Page Views : 1187
මංගල රාත්‍රියේම සැකකටයුතු ලෙස මියගොස් සිටි අඹුසැමි යුවළක් සම්බන්ධයෙන් ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.
22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ එම ප්‍රදේශයේම පදිංචි 20 හැවිරිදි පුෂ්පා දේවි විවාහ වී ඇත්තේ පසුගිය 30වනදාය.
විවාහය දා රාත්‍රියේ යුවළ ප්‍රතාප් යාදව්ගේ නිවසේ චාරිත්‍රානුකූලව නතර වී ඇති අතර, පසුව දා උදෑසන ඥාතීන් පැමිණ කතා කළද ඔවුන් කාමරයෙන් එළියට නොපැමිණි නිසා දොර කඩා පරීක්ෂා කර තිබේ.
එහිදි ඔවුන් දෙදෙනා කාමරය තුළ මියගොස් ඇතැයි අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලදී හෙළ වී ඇත්තේ පිරිසිදු වාතාශ්‍රය නොමැති කමින් මොවුන් දෙදෙනාට හුස්ම ගැනීමට අපහසු වී හෘදයාබාධයකින් මිය ගොස් ඇති බවය.
නව යුවළගේ මරණය සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණයක් සිදුකළ අතර ඔවුන් අනුභව කළ ආහාර පිළිබඳව පරීක්‍ෂණ පවත්වන බව එම ප්‍රදේශයේ පොලීසිය පවසා ඇත.