හයිටියේ භූකම්පනයක්
2023 June 07- Page Views : 1187
හයිටි රාජ්‍යයේ භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ එම භූ කම්පනය රික්ටර් මාපකයේ 4.9ක අගයක් ගෙන ඇති බවය.
මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ භූ කම්පනය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 3 ක් ද වාර්තා වන බවය.
මේ වනවිට හයිටි රාජ්‍යයට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 13,000ක් පමණ අවතැන්ව සිටී.
එසේම අධික වර්ෂාව සමඟ ඇතිවූ ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 42කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.