WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අකුණක් වැදී ගිනිගත් සැප රිය

2023 June 07- Page Views : 1187

ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයට මේ දිනවල අධිකව වැසි සහිත කාලගුණයක් පවතී.

අධික වර්ෂාව සමඟ දැඩි අකුණු ඇතිවීමේ අවදානමක්ද මේ වනවිට වාර්තාවන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එවැනි පසුබිමක පසුගියදා අකුණු සැරයක් වැදීමෙන් ගිනිගන්නා සුඛෝපභෝගී ජීප් රථයක දර්ශන පෙළක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මෙලෙස අකුණු සැර වැදී ඇත්තේ පර්ත් හි රථගාලක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයකටයි.