WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පෙට් ස්කෑන් අර්බුදය ට ඉන්දියාවෙන් ලැබුණු විසඳුම

2023 June 07- Page Views : 1187

මහරගම අපේක්ෂා රෝහලේ සිදුකරනු ලබන පෙට් ස්කෑන් පරීක්ෂාවන් අඛණ්ඩව සිදුවන බවත්, එහි ස්වයංක්‍රීය එන්නත් කිරීමේ යන්ත්‍රයට අවශ්‍ය රසායනිකය ඉන්දියාවෙන් ඇණවුම් කර ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (06) ප්‍රකාශ කළේය.

ඒ අතර සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ අදාළ යන්ත්‍ර විශාල මුදලක් ගෙවා මිලදී ගත් බවටත්, කොමිස් මුදල් ඉලක්ක කෙරුණු බවටත් ඇතැම් පාර්ශ්ව සිදුකරන ප්‍රකාශ ජනතාව නොමඟයවන සුලු අසත්‍ය ප්‍රචාර බවය.

මහරගම අපේක්ෂා රෝහල සඳහා මිලදී ගත් රුපියල් කෝටි 20ක් වටිනා පෙට් ස්කෑන් යන්ත්‍රයේ FDG රසායනික ස්වයංක්‍රීය එන්නත්කරණ යන්ත්‍රය වසරක පමණ කාලයක සිට භාවිතයෙන් ඉවත් කර තිබෙන බව සෞඛ්‍ය වෘත්තීය සංගම් පෙරේදා (05) අනාවරණ කර තිබුණි.

අද කැබිනට් මාධ්‍ය හමුවට එක් වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ද ඒ පිළිබඳ සත්‍ය තත්ත්වය පැහැදිලි කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා,

"මේ රසායනිකය ලබාදෙන යන්ත්‍රය පෙට් ස්කෑන් යන්ත්‍රයත් සමග පරිත්‍යාගයක් ලෙස ලැබුණු යන්ත්‍රයක්. මේ යන්ත්‍රයේ කටයුතු නැවතුනා කියලා පෙට් ස්කෑන් එකක්වත් නතර කරලා නැහැ. මේ යන්ත්‍රයට අවශ්‍ය දේවල් අපි අදාළ සමාගමෙන් ඇණවුම් කරලා තියෙනවා. ඒක ලැබීමේ ප්‍රමාදයක් තියෙන්නේ."

එසේම මෙම ක්‍රියාවලිය පිටුපස කොමිස් මුදල් පිළිබඳ අපේක්ෂාවන් පැවති බවට වෘත්තිය සංගම් ඊයේ කළ ප්‍රකාශයට අද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා,

"මේක පරිත්‍යාගයක්. කවුරුවත් දීපු එකක් නෙමෙයි. මේ කතා කරපු අයට ඒ ගැන සියලු අවබෝධයන් තියෙනවා. ඉතාමත්ම පැහැදිලිව ඔවුන්ගේ තිබෙන වෙනත් අවශ්‍යතා වෙනුවෙන් මේ විදියේ ප්‍රකාශයන් කරනවා."