උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර වෙඩිතැබීමක්
2023 June 07- Page Views : 1187
වර්ජිනියාවේ රිච්මන්ඩ් හි උපාධි ප්‍රදානෝත්සවයක් අතරතුර ඉන් පිටත සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් හත්දෙනාගෙන් දෙදෙනෙක් මිය ගොස් තිබේ.
විදෙස් වාර්තා සඳහන් කළේ, 18 හැවිරිදි ශිෂ්‍යයෙක් සහ 36 හැවිරිදි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇති බවය.
වෙඩිතැබීම සම්බන්ධයෙන් 19 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුට එරෙහිව දෙවන මට්ටමේ මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කිරීමට පොලීසිය අදහස් කරන බව එරට ආරක්ෂක අංශ පවසා ඇත.
සිද්ධිය අතරතුර 9 හැවිරිදි දැරියක් මෝටර් රථයක ගැටී ඇති අතර ඇගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් වාර්තා සඳහන් කළේය.