ඉන්දීය අධිකරණයක් තුළ වෙඩිතැබීමක්
2023 June 07- Page Views : 1187
ඉන්දියාවේ ලක්නව් නගරයේ අධිකරණයකදී වෙඩිතැබීමක් සිදුකර තිබේ.
එහිදී පාතාල සාමාජිකයෙක් ලෙස සැකකෙරෙන සංජීව් ජීවා නමැත්තා මියගොස් තිබේ.
එම වෙඩිතැබීමෙන් කුඩා දරුවෙක් සහ පොලිස් නිලධාරියෙක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
වෙඩික්කරු නීතිඥයෙක් ලෙස අධිකරණය තුළට පැමිණ තිබේ.