ඇමෙරිකානුවන් රැගත් එයාර් ඉන්දියා රුසියාවට
2023 June 07- Page Views : 1187
එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් කාර්මික දෝශයක් හේතුවෙන් රුසියාවට ගොඩ බැස්වීම පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව පවසයි.
ඉන්දියාවේ දිල්ලි නුවර සිට ඇමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ බලා පියාසර කරමින් තිබු අදාළ ගුවන් යානයේ එන්ජිමේ හටගත් දෝශයක් හේතුවෙන් ඊයේ හදිසියේ රුසියාවට ගොඩබස්වා තිබුණි.
එම යානයේ මගීන් 216දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සිට ඇති අතර ඉන් බහුතරයක් අමෙරිකානු ජාතිකයින් බව සඳහන් වෙයි.
යානයේ සිටි අමෙරිකානු ජාතිකයින් සංඛ්යාව සම්බන්ධයෙන් නිළ වශයෙන් තොරතුරු වාර්තා නොවුවද අමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුවේ නියෝජ්ය ප්රකාශක වේදාන්ත් පටෙල් ප්රකාශකර ඇත්තේ යානය රුසියාවට ගොඩ බැස්වීම පිළිබඳව හා ඇතිවන තත්ත්වයන් පිළිබඳව සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවය.