ඉන්දියාවේ පාලමක් දෙවන වතාවටත් කඩවැටෙයි
2023 June 08- Page Views : 1187
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ දැවැන්ත පාලමක් කඩා වැටී තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ඉදිකිරීම් සිදුකරමින් තිබියදී මෙලෙස පාලම කඩාවැටී ඇති බවය.
එසේම මංතීරු හතරකින් සමන්විත මෙම පාලම කඩා වැටී ඇති දෙවන අවස්ථාව මෙය බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මීට පෙර පසුගිය වසරේ අප්‍රේල් මාසයේදීද මෙම පාලම මේ අයුරින්ම කඩා වැටී තිබේ.
අදාළ පාලම ඉදිකිරීම් ආරම්භ කර ඇත්තේ 2017 වසරේදීය.
කිලෝමීටර් 3කට ආසන්න දිගකින් යුතු මෙම පාලම කඩාවැටෙන අයුරු ඒ අසළ සිටි පිරිසක් රූගත කර තිබේ.
කෙසේ වෙතත් අනතුරින් සිදුවූ හානිය සම්බන්ධයෙන් මේ දක්වා නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් බිහාර් ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ පාලම කඩාවැටීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට උපදෙස් ලබාදුන් බවය.
පසුගිය වසරේ ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩාවැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 135 දෙනෙකුට ජීවිත අහිමි විය.