WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ට්‍රම්ප් ට යළිත් අධි චෝදනා

2023 June 09- Page Views : 1187

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට යළි අධි චෝදනා ගොනුකර තිබේ.

ජනාධිපතිවරයාට අයත් රහසිගත ලිපිගොනු වැරදි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම චෝදනා එල්ලවී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව ලබන අඟහරුවාදා මියාමි ෆෙඩරල් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත දැනුම් දී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී ද ඔහුට එරෙහිව අධිචෝදනා යටතේ විමර්ශනයක් ආරම්භ කළ අතර අමෙරිකානු හිටපු ජනාධිපතිවරයෙකු සම්බන්ධයෙන් එවැනි විමර්ශනයක් ආරම්භ කළ පළමු අවස්ථාව එය බවට වාර්තා වුණි.

ඩොනල්ඩ් ට්‍රම්ප් එළඹෙන ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට අපේක්ෂා කරන අතර නව චෝදනා සම්බන්ධයෙන් ඔහු ප්‍රකාශ කළේ, හිටපු ජනාධිපතිවරයෙකුට මෙවැනි තත්ත්වයක් ඇති වේ යැයි තමා කිසිසේත් නොසිතූ බවය යන්නය.

මෙය තමා ජනාධිපතිවරණයෙන් ඉවත් කිරීම සඳහා සිදුකරන යුද්ධයක් බව සමාජ මාධ්‍ය වෙත පණිවුඩයක් නිකුත් කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබේ.