WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඉන්දියාවේ මිලියන 101කට දියවැඩියාව

2023 June 11- Page Views : 1187

නවතම සමීක්ෂණ වාර්තාවකට අනුව ඉන්දියාවේ මිලියන 101ක ජනතාව එනම් සමස්ත ජනගහනයෙන් 11.14% ප්‍රතිශතයක් දියවැඩියා රෝගයෙන් පෙළෙන බව හෙළි වී ඇත.

ලොව ඉහළ පෙළේ වෛද්‍ය පර්යේෂණ සඟරාවක් වන "The Lancet" සඟරාව විසින් සිදුකළ සමීක්ෂණයකට අනුව එම තොරතුරු හෙළි වී තිබේ.

එමෙන්ම ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය ද පවසා ඇත්තේ, මිලියන 136ක් එනම් සමස්ත ජනගහනයෙන් 15.3%ක ජනතාව පූර්ව දියවැඩියා තත්ත්වයෙන් පෙළෙන බවය.

මෙම තත්ත්වය ඉන්දියාව පුරා සුලභව දකින්නට ලැබෙන බවද වාර්තා වේ.

එමෙන්ම එම සමීක්ෂණය අනුව හෙළි වී ඇත්තේ ඉන්සියුලීන් නැමැති (Insulin) හෝමෝනය ශරීරය තුළ නිසි ආකාරව නිෂ්පාදනය නොවීම සහ ප්‍රතික්‍රියා නොකිරීමෙන් මෙම රෝගීන්ගේ රුධිරයේ සීනි ඝනත්වය ඉතා ඉහළ මට්ටමක පවතින බවය.

බෝ නොවන රෝග පිළිබඳ තක්සේරු කිරීම සඳහා ඉන්දියාවේ සෑම ප්‍රාන්තයක්ම පුළුල් ලෙස අධ්‍යයනය කළ පළමු අවස්ථාව මෙය බව සැලකේ.