WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුක්‍රේනයට තවත් යුද ආධාර පැකේජයක්

2023 June 11- Page Views : 1187

කැනේඩියානු ඩොලර් මිලියන 500ක යුද ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදෙන බව කැනඩාව පවසයි.

කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘෘඩෝ විසින් මේ බව සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා ඊයේ (10) දිනයේ හදිසියේ යුක්‍රේනයට පැමිණ ඇති අතර එහිදී එම දැනුම්දීම සිදුකර ඇති බව සඳහන්ය.

අදාළ යුද ආධාර පැකේජයට අමතරව යුක්‍රේනය සඳහා අවශ්‍ය මිසයිල ලබාදීමට ද කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළකර තිබේ.