තවත් ප්‍රබල භූකම්පනයක්
2023 June 11- Page Views : 1187
දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ.
එරට වේලාවෙන් අද (11) අලුයම 2.38ට පමණ සිදුවූ මෙම භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 5ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
භූකම්පනය හේතුවෙන් ජොහැන්නස්බර්ග් නුවර පිහිටි ගොඩනැගිලි රැසක් සෙලවීමකට ලක්ව ඇති අතර සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන්ය.
2014 වසරේ අගෝස්තු මාසයේ දී ද ජොහැන්නස්බර්ග් හි ඒකක 5.3ක භූකම්පනයක් සිදුව තිබුණි.