කොරියානු ජාතිකයාගේ ජීවිතය බේරාගන්න එක්වුණ ශ්‍රී ලාංකිකයින්
2023 June 11- Page Views : 1187
අනපේක්ෂිත ලෙස හදිසි අනතුරකට මුහුණදුන් කොරියානු ජාතිකයෙකුගේ දිවි බේරාගැනීමට ශ්‍රී ලාංකික තරුණයින් පිරිසක් කටයුතු කර තිබේ.
ශ්‍රී ලාංකිකයින් පිරිසක් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරගයක් අතරතුර එම අනතුර සිදුව තිබුණි.
කොරියාවේ සේවයේ නියුතුව සිටින ශ්‍රී ලාංකිකයෙක් අසනීපවීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිකාර සඳහා මුදල් සොයාගැනීමේ අරමුණින් එම ක්‍රිකට් තරගාවලිය සංවිධානය කර තිබුණි.
දකුණු කොරියාවේ නොක්සාන් නුවර ක්‍රිඩාංගණයකදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සංවිධානය කර තිබු එම තරගාවලිය අතරතුර ඒ ආසන්නයේ නවතා තිබු ලොරි රථයක කාර්මික කටයුත්තක් සඳහා පැමිණ සිටි කොරියානු ජාතිකයෙකුගේ හිස එක්වරම ලොරි රථයේ ඉදිරිපස කොටසේ සිරවී තිබුණි.
එහිදී යුහුසුළුව ක්‍රියාත්මක වූ ශ්‍රී ලාංකිකයින්, කොරියානු හදිසි අනතුරු සේවය හා එක්ව අනතුරට පත්වු කොරියානු ජාතිකයාගේ දිවි බේරාගැනීමට මහත් පරිශ්‍රමයකින් කටයුතු කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන පෙළක් ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් තිබේ.
කෙසේවෙතත් බේරාගත් කොරියානු ජාතිකයා රෝහල් ගත කිරීමට එහිදී පියවර ගෙන තිබුණි.