ක්ෂණික කෝපය ඛේදවාචකයක් වෙයි
2023 June 12- Page Views : 1187
ප්‍රංශයේ සිදුකළ වෙඩි තැබීමකින් 11 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික දැරියක් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
අසල්වැසියන් අතර ඉඩමක් සම්බන්ධයෙන් තිබූ ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව එරට පොලීසිය පැවසීය.
වෙඩිතැබීම හේතුවෙන් දැරියගේ මව සහ පියාද බරපතළ තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.
බ්‍රිතාන්‍ය බලධාරීන් පැවසුවේ එම පවුල සම්බන්ධයෙන් ඔවුන් සොයාබලන බවය.
මේ අතර එම වෙඩිතැබීම සඳහා සැකපිට 71 හැවිරිදි නෙදර්ලන්ත ජාතිකයෙක්ව ඔහුගේ බිරිඳ සමග අත්අඩංගුවට ගෙන තිබේ.