හිටපු ඉතාලි අගමැති මිය යයි
2023 June 12- Page Views : 1187
ඉතාලියේ හිටපු අග්‍රාමාත්‍ය සිල්වියෝ බර්ලුස්කෝනි මියගොස් තිබේ.
මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.
ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ බවය.
ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පස්වූයේ 1994 දීය.
තවද ඔහු 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත.