WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදෙස් රැකියා සොයන තවත් 3000ක් රැවටෙයි

2023 June 12- Page Views : 1187

දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා අනුමැතියකින් තොරව මුදල් රැස්කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත පේරාදෙණිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතනයක් වටලා සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

වැටලීම සිදුකරන අවස්ථාවේදී දකුණු කොරියානු රැකියා ලබාගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශාල පිරිසක් අදාළ ස්ථානයට පැමිණ තිබු අතර එහිදී ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණි.

රැකියා අපේක්ෂිතයින් 3,000ක පමණ පිරිසක් මෙම වංචාවට හසුවී ඇති බවට විමර්ශන නිලධාරීන් වෙත තොරතුරු ලැබී ඇති බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.

සැකකරු මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමටත්, වැඩිදුර නඩු විභාගය ජුලි මස 1වන දින යළි කැඳවීමටත් මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.