ට්‍රම්ප්ට එරෙහි අධිචෝදනා විභාගය අද
2023 June 13- Page Views : 1187
අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අධිකරණයට ඉදිරිපත් වීම සඳහා මියාමි නගරයට පැමිණ තිබේ.
ජනාධිපතිවරයාගේ රහස්‍ය ලේඛන ධූරයෙන් ඉවත් වූ පසු සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව මියාමි ෆෙඩරල් අධිකරණයේ චෝදනා 37ක් ගොනුකර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (12) සිය පුද්ගලික ගුවන් යානයෙන් මියාමි වෙත පැමිණ ඇති අතර ඔහුගේ නීතීඥ කණ්ඩායම සමඟ සාකච්ඡා කිරීම ආරම්භකර තිබේ.
මියාමි නගරයේ ආරක්ෂාව තරකර ඇති අතර එල්ල වන විරෝධතා පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සූදානමින් පසුවන බව මියාමි නගරාධිපතිවරයා ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග වදින බව ප්‍රකාශ කර තිබුණි.
කෙසේවුවද ජාතික ආරක්ෂාවට හානිකර අයුරින් ජනාධිපතිවරයාට අයත් රහසිගත ලේඛන සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයෙකුටව එරෙහිව නඩු විභාගයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වේ.