WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

යුරෝපයේ බිහිසුණුම යාත්‍රා අනතුර ගැන තවත් තොරතුරු එළියට

2023 June 16- Page Views : 1187

ග්‍රීසියට අයත් මුහුදු ප්‍රදේශයේ දී අනතුරට ලක් වු ධීවර යාත්‍රාවේ සංක්‍රමණිකයින් 750ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වී තිබේ.

ඉන් සිය දෙනෙකු පමණ ළමුන් බව සිද්ධියෙන් දිවි ගලවා ගත් පිරිස් ප්‍රකාශ කර ඇත.

යුරෝපයේ දරුණුතම සංක්‍රමණික යාත්‍රා අනතුරක් ලෙස සැලකිය හැකි මෙම අනතුරින් මියගොස් ඇති බවට මේ වන විට තහවුරු වී ඇත්තේ පුද්ගලයින් 78 දෙනෙකු පමණක් බව සඳහන් වෙයි.

යාත්‍රාවේ සිටි පුද්ගලයින් 104 දෙනෙකු ග්‍රීක බලධාරීන් විසින් මුදාගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නීති විරෝධීව පුද්ගලයින් සංක්‍රමණය කිරීමේ මෙම මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් 9දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරය ඊජිප්තු ජාතිකයින් බවය.