පුටින්ගේ අලුත්ම සැලැස්ම
2023 June 17- Page Views : 1187
රුසියාව බෙලරුසයේ න්‍යෂ්ටික අවි ස්ථාන ගතකර තිබේ.
රුසියාවේ භූමියකට හෝ රාජ්‍යට තර්ජනයක් ඇත්නම් ඒවා භාවිත කරන බව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් සඳහන් කර ඇත.
යුක්‍රේනයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ක්‍රෙමිලිනය න්‍යෂ්ටික අවි (Kremlin plans) භාවිතා කිරීමට සැලසුම් කරන බවට කිසිදු දැනුම්දීමක් කර නොමැති බව ද එක්සත් ජනපද රජය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ.
රුසියානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ රුසියානු න්‍යෂ්ටික අවි උපායමාර්ගික ලෙස ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවය.
තම රට සතුව න්‍යෂ්ටික අවි පවතින බව පසුගියදා බෙලරූස් නායකයා ද ප්‍රකාශ කර තිබුණි.