WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

උගන්ඩාවේ ත්‍රස්ත ප්‍රහාරයකින් 40ක් මරුට

2023 June 17- Page Views : 1187

බටහිර උගන්ඩාවේ පාසලකට ඉස්ලාමීය කැරලිකරුවන් පිරිසක් විසින් එල්ලකළ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 40දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය බහුතරය පාසල් සිසුන් වන අතර තවත් 8දෙනෙකු එහිදී තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කොංගෝ දේශසීමාව ආසන්නයේ පිහිටි එම පාසලට රාත්‍රී කාලයේ කඩා වැදුණු අයි.එස්.අයි.එස් සංවිධානයට සම්බන්ධ කැරලිකාර කණ්ඩායමක් විසින් එම ප්‍රහාරය සිදුකර තිබුණි.

එම පාසලේ සිසුන් 60දෙනෙකු පමණ නේවාසිකව රැඳීසිටි ඇති අතර පාසල් සිසුවියන් ඇතුළු පිරිසක් කැරලිකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇති බව සඳහන්ය.

ප්‍රහාරයෙන් අනතුරුව කැරලිකරුවන් විසින් පාසල් ගොඩනැගිල්ලට ගිනි තබා ඇති බව වාර්තා වෙයි.