එංගලන්ත ගුරුවරුන් වැඩ වර්ජනයකට සැරසෙයි
2023 June 18- Page Views : 1187
එංගලන්තයේ පාසල් ගුරුවරු වැටුප් සහ අනෙකුත් අරමුදල් සම්බන්ධ ගැටලු හේතුවෙන් එළඹෙන ජූලි මස දින දෙකක් වැඩ වර්ජනයක් සිදුකරන බව වෘත්තීය සමිති පවසයි.
එරට අධ්‍යාපනික ක්ෂේත්‍රයේ විශාලතම වෘත්තීය සමිතිය වන "ජාතික අධ්‍යාපන වෘත්තීය සමිතිය" නිවේදනය කළේ ඒ අනුව ජූලි 5 සහ 7 වන දිනවල එම වැඩ වර්ජනය පවත්වන බවය.
එම වෘත්තීය සමිතිය පසුගිය පෙබරවාරි සහ මැයි මාසවලද දින 6ක් වැඩ වර්ජනය කළේය.
බ්‍රිතාන්‍ය රජය විසින් යෝජනා කළ 4.5%ක වැටුප් වර්ධකය සහ පවුම් 1000ක ගෙවීම පසුගිය අප්‍රේල් මාසයේදී ගුරුවරුන් විසින් ප්‍රතික්ෂේප කළේය.