WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තර්ජන ගර්ජන මැද අමෙරිකානු ප්‍රධානියෙක් චීනය ට

2023 June 18- Page Views : 1187

වසර කිහිපයකට පසු අමෙරිකාවේ ප්‍රධාන පෙළේ නායකයෙක් චීන සංචාරයක් අරඹා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අද (18) චීනයේ බෙයිජිං නුවරට පැමිණි බවය.

ඔහු පසුගිය පෙබරවාරි මාසයේ මෙම සංචාරය සැලසුම් කර තිබු නමුත් චීනය විසින් ගුවන්ගත කර තිබූ "ඔත්තු සේවා" බැලුන හේතුවෙන් ඔහු එම සංචාරය කල් දැමීය.

ලොව විශාලතම ආර්ථිකයන් හිමි චීනය සහ අමෙරිකාව අතර විවිධ හේතු හේතුවෙන් නොහොඳ නෝක්කාඩුවෙන් පසුවෙයි.

2021 ජනවාරි මාසයේදී ජනාධිපති ජෝ බයිඩන් ජනාධිපති වීමෙන් අනතුරුව චීනයේ සංචාරයේ යෙදෙන පළමු අමෙරිකානු ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියා වන්නේද බ්ලින්කන් ය.

ඔහු දින දෙකක් චීනයේ රැඳී සිටීමට නියමිත අතර ඒ අතරතුරදී ජනාධිපති ෂී ජින්පින් හමුවීමට ද ඉඩ ඇති බව සඳහන් ය.