බ්‍රිතාන්‍ය නීති දැඩි කරයි
2023 June 19- Page Views : 1188
සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය සිය බලතල භාවිත කළයුතු බව බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරිය පවසයි.
ඇය පවසන්නේ රට තුළ පිහි ඇනුම් සිද්ධි වැළැක්වීමට මෙන්ම සාමාන්‍ය ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා පොලීසිය වාහන සහ පුද්ගලයින් නවතා පරීක්ෂා කළ යුතු බවය.
එංගලන්තයේ සහ වේල්සයේ පොලිස් ප්‍රධානීන්ට ලිපියක් යවමින් සුඑලා බ්‍රෙවර්මන් අමාත්‍යවරිය ඒ බව පැවසුවාය.
එසේම අදාළ පරීක්ෂාකිරීම් වලදී යම් සිද්ධියක් වුවහොත් හැකි ඉක්මණින් ඊට අදාළ වීඩියෝ ජනගත කරන ලෙසද ඇය උපදෙස් දී තිබුණාය.
එමගින් සමාජ මාධ්‍ය හරහා සිදුකෙරෙන චෝදනා අවම කරගත හැකි බව ඇය පෙන්වා දෙයි.
නමුත් විවේචකයින් පවසන්නේ පොලීසිය මෙවැනි නීති යොදාගනිමින් සුළු ජාතික ජනකොටස් විශේෂයෙන්ම කළු ජාතිකයින්ව අපහසුවට පත්කරන බවය.