චීන උත්සාහය ඉතාලිය වළක්වයි
2023 June 19- Page Views : 1188
ටයර් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛ සමාගමක් වන ඉතාලියේ Pirelli සමාගමේ පාලනය ලබාගැනීමට චීනයේ රාජ්‍ය සමාගමක් දැරූ උත්සාහය වැළැක්වීමට ඉතාලි බලධාරීන් කටයුතු කර තිබේ.
Pirelli සමාගමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට එම පියවර ගත් බව ඉතාලි බලධාරීන් පැවසීය.
වසර 151ක් පමණ පැරණි Pirelli සමාගමේ විශාලතම කොටස් හිමිකරුවා වන්නේ බෙයිජිං පාලනයේ පවතින Sinochem සමාගමයි.
2015 වසරේදී ඩොලර් බිලියන 7.8කට Pirelli සමාගම, ChemChina සහ Camfin සමාගම්වලින් සමන්විත ආයෝජකයින් කණ්ඩායමකට විකුණනු ලැබීය.
ඉන් වසර 6කට පසුව ChemChina සමාගම Sinochem සමාගම සමග ඒකාබද්ධ විය.
එසේම චීනයේ සිල්ක් රෝඩ් ව්‍යාපෘතියට ද Pirelli සමාගමේ කොටස්වලින් 9%ක් හිමිය.