WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සමාව ඉල්ලා සටහනක් තබා සුපිරි තරුව සමුගනී

2023 June 21- Page Views : 1187

ජනප්‍රිය පොප් ගායකයෙකු සියදිවි හානිකරගෙන ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Choi Sung-bong නමැති දකුණු කොරියානු ජනප්‍රිය ගායකයෙකි.

මියයන විට ඔහු 33 හැවිරිදි වියේ පසුවිය.

තමන්ට පිළිකාවක් වැළඳී ඇති බවට මීට පෙර ඔහු ව්‍යාජ රඟපෑමක් සිදුකර ජනතාවගෙන් මුදල් එකතු කර ඇති බවට අනාවරණය වී තිබුණි.

සියදිවි හානිකරගැනීමට පෙර එම සිදුවීම සම්බන්ධයෙන් තමන් සමාව ඇයද සිටින බවට සඳහන් සටහනක් යූ ටියුබ් වෙත එක්කර තිබූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සටහන මගින් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණේ තමන් නිසා කරදරයට පත්වූවන් පිළිබඳව කණගාටුවට පත්වන බවය.

2011 වසරේදී එරට ජනප්‍රිය නාලිකාවක ගායන තරගාවලියකින් ඔහු රසිකයින් අතරට පැමිණියේයය.