පැරීසියේ පිපිරීමක්
2023 June 22- Page Views : 1187
ප්‍රංශයේ පැරිස් නුවර සිදුවු පිපිරීමකින් පුද්ගලයින් 37දෙනෙකු තුවාල ලබා තිබේ.
නගරයේ ගොඩනැගිල්ලක පිපිරීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
පිපිරීමෙන් තුවාල ලැබු පුද්ගලයින් රෝහල්ගත කර ඇති අතර ඉන් සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
එමෙන්ම පිපිරීමෙන් ගොඩනැගිල්ලේ සුන්බුන් අතර පුද්ගලයින් සිටී ද යන්න සම්බන්ධයෙන් මෙහෙයුම් කණ්ඩායම් විසින් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබේ.
කෙසේවෙතත් පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර එරට ආරක්ෂක අංශ විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.