WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අමෙරිකාවෙන් ඉන්දියානුවන්ට සුවිශේෂී සහනයක්

2023 June 22- Page Views : 1187

ඉන්දියානුවන්ට අමෙරිකාවට පැමිණ සේවය කිරීමට සහ එහි පදිංචිවීමට ඇති බාධක ඉවත්කර එය පහසුකිරීමට බයිඩන් පාලනය තීරණය කර ඇති බව වාර්තා වෙයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ගේ අමෙරිකා සංචාරයට සාපේක්ෂව ඒ සම්බන්ධයෙන් පියවර ගෙන තිබේ.

එමගින් සමහර ඉන්දීය සේවකයින්ට ස්ථීරව අමෙරිකාවේ පදිංචිවීමට අවස්ථාව හිමිවෙයි.

ඒ සම්බන්ධ නිවේදනය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අද (22) නිකුත් කිරීමට නියමිතය.

ඒ අනුව H-1B වීසා මත එරටට පැමිණ සිටින ඉන්දීය සහ අනෙකුත් ජාතිකයින්ට සිය රටවලට නොගොස් අමෙරිකාවේ සිටියදීම වීසා අලුත්කර ගැනීමට අවස්ථාව ලැබෙයි.

ඊට අදාළ නියමු ව්‍යාපෘතිය නුදුරේදීම ආරම්භ කිරීමට අපේක්ෂිතය.