WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මිලියන 100ක ලොතරැයි ජයක්

2023 June 24- Page Views : 1187

ලොතරැයි දිනුමකින් ඩොලර් මිලියන 100ක ජයක් ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම සුවිශේෂී ජයග්‍රහණය වාර්තාවන්නේ ඔස්ට්‍රේලියාවෙනි.

එරට දිනුම් අදින ලද Powerball ලොතරැයියේ ඩොලර් මිලියන 100ක පළමු ත්‍යාගය මෙලෙස හිමිකරගෙන ඇත්තේ සිඩ්නි පදිංචිකරුවෙකි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම ලොතරැයි ජයග්‍රහණය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ දෙවන විශාලතම ජයග්‍රහණය බවය.

මීට පෙර ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු 2019 වසරේදී ඩොලර් මිලියන 107ක ලොතරැයි ජයග්‍රහණයක් හිමිකරගෙන ඇති අතර එය එරට විශාලතම ලොතරැයි ජය ලෙස සැලකෙයි.

තමන් ලද ලොතරැයි ජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අදාළ පුද්ගලයා පවසා ඇත්තේ එම මුදල භාවිත කර නිවසක් මිලදී ගැනීම සිය පළමු අරමුණ බවය.