WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුලී හේවා කණ්ඩායමක් රුසියාවේ නගරයකට පහරදෙයි

2023 June 24- Page Views : 1188

රුසියාවේ දකුණුදිග පිහිටි රස්තව් - ඔන් - දොන් නගරය එරට වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ග්‍රහණයට නතුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ සටන්වදින රුසියානු වැග්නර් කුලී හේවා කණ්ඩායම රුසියාවේ සන්නද්ධ කැරැල්ලක් ඇති කිරීමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත රුසියාවේ ආරක්ෂාව තර කෙරුණි.

ඒ අනුව මොස්කව් අගනුවර හමුදා ට්‍රක් රථ පෙළගස්වා ඇති අයුරු දැකගත හැකිවූ අතර එරට අන්තර්ජාල පහසුකම් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කෙසේ වුවද මේ වනවිට රුසියාවේ රොස්තව් - ඔන් - දොන් නගරයට වැග්නර් හමුදාව ඇතුළු වී ඇති අතර එහි පිහිටා ඇති දක්ෂිණ හමුදා දිස්ත්‍රික් මූලස්ථානය වැග්නර් හමුදා ග්‍රහණයට නතුවී තිබේ.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ නගර වැසියනට නිවෙස්වලට වී සිටින ලෙස උපදෙස් ලබාදී තිබුණ ද ඔවුන් සාමාන්‍ය පරිදි දිවි ගෙවන අයුරු දැකගත හැකි විය.

රුසියාව වෙනුවෙන් යුක්‍රේනයේ සටන් වදින සිය හමුදා සේනාංකවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් වැග්නර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයාට චෝදනා කර තිබේ.

මේ අතර රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය ද වැගනර් ප්‍රධානීගේ විවේචනයට ලක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාකරයි.

වැගනර් ප්‍රධානියා පවසන්නේ රුසියානු ආරක්ෂක ප්‍රධානීන් සමග හමුවක් පැවැත්වෙන තෙක් මොස්කව් දක්වා ගමන් කිරීමට අපේක්ෂා කරන බවය.

කෙසේ වුවද රුසියානු ආරක්ෂක අමාත්‍යංශය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර වැගන්ර් ප්‍රධානී යෙව්ගිනී ප්‍රිගෝෂන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර තිබේ.

මේ අතර මොස්කව් දක්වා දිවෙන මාර්ග වසා දමා ඇති බව ද සඳහන් වෙයි.