WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මගීන් 293ක් සමඟ ගුවන් යානයක් අනතුරක

2023 June 25- Page Views : 1187

හොංකොං හි මගී ගුවන් යානයක් ගුවන්ගත කිරීමට පෙර සිදුවු අනතුරකින් මගීන් 11දෙනෙකු තුවාල ලබා තිබේ.

ගුවන් යානයේ රෝදයක් පුපුරායාමෙන් එම අනතුර සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව මගීන් යානයෙන් ඉවතට ගැනීම සඳහා පුර්ව ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීමේ දී සිදුවු අනතුරෙන් එම මගීන් තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන්ගෙන් 09දෙනෙකු ප්‍රතිකාර ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර ප්‍රතිකාර ලබන කිසිවෙකුගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන් වේ.

හොංකොං සිට ලොස් ඇන්ජලීස් බලා පියාසර කිරීමට නියමිතව තිබු මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 17දෙනෙකු සහ මගීන් 293දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.