WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැග්නර් කුලී හමුදාව ගැන ඔබ නොදත් කරුණු මෙන්න

2023 June 26- Page Views : 1187

පසුගිය දින කිහිපයේ රුසියාවේ යුද මෙහෙයුම් සම්බන්ධයෙන් කරුණු විමසීමේ දී වැඩි වශයෙන් අවධානය යොමු වුයේ වැග්නර් කුලී සේනාංකය සම්බන්ධයෙනි.

වැග්නර් කුලී සේනාංකය යනු රුසියාවේ යුද මෙහෙයුම් සඳහා සහාය දෙන සෙබළුන් 25,000කින් පමණ සමන්විත කණ්ඩායමකි.

ඔවුන් යුක්‍රේනයට එරෙහි යුද මෙහෙයුමේදී රුසියානු රජයට සහාය දෙමින් මෙහෙයුම්වල නිරත විය.

පෞද්ගලික හමුදා සමාගමක් ලෙස හැඳින්වෙන රුසියානු හිතවාදී වැග්නර් කුලී හේවා කණ්ඩායම පිළිබඳ පළමුවරට වාර්තා වන්නේ 2014 දීය.

එවක රහසිගතව පවත්වාගෙන ගිය වැග්නර් කණ්ඩායම අප්‍රිකානු සහ මැද පෙරදිග කලාප රැසක මෙහෙයුම් සිදුකර තිබේ.

ඒ අතරට සිරියාව, ලිබියාව සහ මාලි ඇතුළු අප්‍රිකානු රටවල් 6 ක් අයත් වේ.

මාලි රාජ්‍යයේදී පුද්ගලයින් 500 දෙනෙක් ඝාතනය කළ බවට ද වැග්නර් කණ්ඩායමට චෝදනා එල්ල වී තිබුණි.

2022 පෙබරවාරියේ ඇරඹි රුසියානු යුක්‍රේන යුද්ධයට වැග්නර් හේවායින් සෘජුව සම්බන්ධ වූ අතර බක්මුට් නගරය අල්ලා ගැනීමට මාස 11 ක් පැවති මෙහෙයුමේ පෙරමුණ ගත්තේ ද ඔවුන්ය.

වැග්නර් කණ්ඩායමේ නායකත්වය ගෙන සිටින යෙව්ගිනී ප්‍රිගෝෂන්, රුසියානු ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකු ව සිටි අතර, රුසියානු අවන්හල් ජාලයක හිමිකරුවෙකු ද වේ.

රටේ ප්‍රධාන උත්සව සඳහා සත්කාරකත්වය ලබාදී ඇති ඔහුගේ අවන්හල් තුළ ජනාධිපති ව්ලැද්මීර් පුටින් සඳහා මෙන්ම අමෙරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ට සහ චාල්ස් රජු ට පවා සත්කාරකත්වය සපයා ඇත.