WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බ්‍රිතාන්‍ය නළුවාගේ සිරුරු කොටස් හමුවෙයි ?

2023 June 26- Page Views : 1187

ප්‍රකට බ්‍රිතාන්‍ය නළුවෙක් වන ජුලියන් සෑන්ඩ්ස් ජීවිතක්ෂයට පත්වී ඇති බවට අනුමාන කෙරේ.

විදෙස් මාධ්‍ය වාර්තාකළේ දකුණු කැලිෆෝනියාවේ විනෝදයට කඳු තරණය කරමින් සිටියදී ඔහු පසුගියදා අතුරුදන් විය.

ඔහු අතුරුදන් වූ ස්ථානය බවට සැලකෙන ස්ථානයේ තිබී මිනිස් සිරුරු කොටස් හවුවී තිබුණි.

එම කොටස් ඔහුගේද යන්න සම්බන්ධයෙන් නිශ්චිතවම තහවුරු කරගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ ලබන සතිය වනවිට නිමකිරීමට අපේක්ෂිතය.

65 හැවිරිදි සෑන්ඩ්ස් ලොස් ඇන්ජලීස් හි උතුරුදිග පිහිටි සැන් ගේබ්‍රියල් කන්ද තරණය කරමින් සිටියදී ජනවාරි 13 වනදා අතුරුදන් විය.

ඔස්කාර් සම්මානය දිනූ "A Room With A View" චිත්‍රපටය ඇතුළු නිර්මාණ රාශියකට ඔහු දායකත්වය දී තිබුණි.