රුසියානු කුලී හේවායන්ගේ කැරැල්ලෙන් බොර තෙල් මිලට වුණු දේ
2023 June 26- Page Views : 1187
සුගිය සති අන්තයේ රුසියානු කුලී හේවායින්ගෙන් සමන්විත වැග්නර් භට කණ්ඩායම් රුසියාවේ නගරයක් අල්ලා ගැනීමත් සමගම ලොව ඇතිවූයේ වික්ෂිප්ත බවකි.
ලෝක බොර තෙල් වෙළෙඳපොළට ද එය බලපා ඇති බව පෙනීයයි.
ඒ හේතුවෙන් අද (26) බොර තෙල් මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එසේම රුසියානු මුදල් ඒකකය වන රූබලයේ අගයද අවප්‍රමාණ වී තිබේ.
වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ කුලී හේවායින්ගේ පහරදීම නිසා රුසියානු ස්ථායිතාවය සම්බන්ධයෙන් සැක මතුවී ඇති බවය.