චීනයේ බිහිසුණු පිහි ඇනුමක්
2023 July 10- Page Views : 1187
චීනයේ ළදරුවන් සඳහා වූ පාසලක සිදුකළ පිහි ඇනුමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ දී එම සිද්ධිය වාර්තා වී ඇති අතර පොලීසිය විසින් 25 හැවිරිදි සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ඉන් ජීවිතක්ෂයට පත්ව තිබුණි.
අද (10) උදෑසන මෙම පිහි ඇනුම සිදුකර ඇති අතර එය සැලසුම් සහගතව කර ඇති බව පොලීසිය පැවසීය.